Thursday, January 15, 2026
Follow Us
හරීන් කොළඹ අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ඨාශය - CCD - වෙත පැමිණ තිබෙනවා. ඒ විශේෂ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ බව කියැවෙන, අන්තර්ජාලය හරහා සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් ජයවර්ධන මහතා සීසීඩීය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණි.

අදාල වීඩියෝ මුදාහැරීම සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධයක් තිබෙන බවටද විවිධ පුවත් පැතිර යයි. හරීන් ප්‍රනාන්දු මහතා සීසීඩීය වෙත කැඳවා තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා බවයි වාර්තා වන්නේ.

(LNW)