Friday, April 17, 2026
Follow Us
තවත් සිද්ධියක් ගැන රාජිතගෙන් ප්‍රකාශයක් ගනී

කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් මහජන කැළඹීමක් ඇති කරන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න අද (28) ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්නගෙන් ඒ පිළිබඳ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි.

පසුගිය මාර්තු මස 17 වැනි දා අදාළ ප්‍රකාශය සිදු කර තිබූ බවයි පැවසුනේ.

(Neth)