Monday, July 28, 2025
Follow Us
"මං තාමත් එජාප" - හර්ෂ ද සිල්වා කියයි

තමන් තවමත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු බව සමගි ජන බලවේගයෙන් මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත‍්‍රික්කයට නාමයෝජනා භාර දී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (27) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනේ දී කළ විමසීමකදීයි.

මේ අතර සමගි ජන බලවේගයෙන් මහමැතිවරණයට නාමයෝජනා භාරදී තිබෙන එහි නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු සියයකට ආසනන්න පිරිසකගේ එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ ඔවුන් දැරූ තනතුරුද අත්හිටුවා ඇති බවයි ඊයේ ප‍්‍රකාශ කෙරුණේ. හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය හර්ෂද සිල්වාද එලෙස එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අත්හිටුවා ඇති අයගෙන් කෙනෙක්.

(Neth)