Monday, July 28, 2025
Follow Us
තොණ්ඩමාන් වෙනුවට පුතා ජීවන්

ආරුමුගම් තොණ්ඩමාන්ගේ අභාවයෙන් පුරප්පාඩු වූ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුවට ඔහුගේ පුත්‍රයා වන ජීවන් තොණ්ඩමාන්ගේ නම ඇතුළු කිරීමට තීරණය වී ඇත.

ඊයේ (27 වැනිදා) අග්‍රාමාත්‍යවරයා සහ කම්කරු කොංග්‍රසයේ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

වයස අවුරුදු විසිහයක් වන ජීවන් තොණ්ඩමන් එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔහු අලුත් පාර්ලිමේන්තුවේ ළාබාලම මන්ත්‍රීවරයා වනු ඇත.

අභාවප්‍රාප්ත වූ ඇමැති ආරුමුගම් තොණ්ඩමන්ගේ නම වෙනුවට වෙනත් නමක් නාමයෝජනා ලැයිස්තුවට යෝජනා කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ සඳහා අදාළ පක්ෂ ලේකම්වරයා තේරීම්භාර නිලධාරිවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බවත්, එම ඉල්ලීම තේරීම් භාර නිලධාරිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ඒ අනුව ජීවන් තොණ්ඩමන් ඒ සඳහා යෝජනා වී ඇත.

(Aruna)