Monday, July 28, 2025
Follow Us
පක්ෂය හැර ගිය එජාප සාමාජිකයන්ගෙන් නිදහසට කරුණු විමසීමට සැරසෙයි

එක්සත් ජාතික පක්ෂ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනත් පක්ෂයක නාමයෝජනා අත්සන් කළ පක්ෂ සාමාජිකයින්ගෙන් නිදහසට කරුණු විමසීම සඳහා එජාප මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ලිපියක් යොමු කර තිබේ.

වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා නාමයෝජනා අත්සන් කරන්නේ නම් හෝ ඊට බලාපොරොත්තු වන්නේ නම් එජාප පක්ෂ ව්‍යවස්ථාවේ 3(c) වගන්තියට අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ලිඛිතව ලබා ගත යුතු බවයි අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ වන විට වෙනත් දේශපාලන පක්ෂවල සාමාජිකත්වය ලබා අපේක්ෂකත්වය සඳහා නාමයෝජනා අත්සන් කළ බොහෝ සාමාජිකයන් එම තීරණය සම්බන්ධයෙන් පසුතැවිල්ල දන්වා ඇති බව එජාප මහ ලේකම්වරයා සඳහන් කර තිබේ.

(LNW)