Thursday, January 15, 2026
Follow Us
තොණ්ඩමන් අභාවප්‍රාප්ත වීමත් සමග අපේක්ෂක ලැයිස්තුව අර්බුධයක

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමත් සමඟම පොදුජන සන්ධානයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුව යම් ගැටලුකාරී තත්වයකට පත්ව තිබෙනවා.

මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකු මියගිය හොත් දින තුනක් ඇතුළත වෙනත් අපේක්‍ෂකයෙකු නම් කල හැකියි.

නමුත් මැතිවරණය පැවැත්වීමට විරුද්දව උපරිමාධිකරණය හමුවේ නඩු පවරා ඇති තත්වයක් මත එය යම් ගැටළුකාරී තත්වයකට පත්ව තිබෙනවා.

ආරුමුගම් තොණ්ඩමන් මහතා ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ නුවරඑලියෙන් තරග වැදීමට නාම යෝජනා බාර දී තිබුණා.

(Lanka Leads)