Monday, July 28, 2025
Follow Us
අපේ ජනතාව ගැන නැති කැක්කුමක් ආණ්ඩුවට සීෂෙල්ස් ජනතාව ගැන ආවේ කොහොමද ? - සජිත්

කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල සහ වෙනත් රටවල අතරමංව සිටින අපේ රටේ ජනතාව ගැන නොමැති කැක්කුමක් ආණ්ඩුවට සීෂෙල්ස් ජනතාව ගැන පහළ වුණේ කෙසේදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි.

"රජයක් සිටින්නේ රටක ජනතාව සුරකින්නට. අපේ රටේ රජයේත් ප්‍රධානතම වගකීම වෙන්නේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම. පහුගිය දවසක අපට අහන්නට ලැබුණා සීෂෙල්ස් රටේ රටවැසියන්ට විශේෂ වරප්‍රසාදයක් සානුකම්පිත හේතූන් මත අපේ රජය ලබාදුන්නාය කියලා.

මං අහන්න කැමතියි රජයෙන් ඔබලාගේ ප්‍රධානතම වගකීම රටේ ජනතාව සුරැකීම නොවෙයිද ? රටවැසියන් ආරක්ෂාකිරීම, පුරවැසියන් ආරක්ෂාකිරීම නොවෙයිද ? ඔබලාට පෙනෙන්නෙ නැද්ද කුවේට් ඇතුළු මැදපෙරදිග රටවල් රාශියක අගහිඟතාවයෙන් ජීවත්වෙන අපේ රටේ පුරවැසියන් රාශියක් සිටින බව. අපේ ජනතාව. අන්ත අසරණභාවයෙන් සිටින අපේ ජනතාව. මේ රටේ ජනතා බලයෙන් බිහිවුණු රජයට මේවා නොපෙනෙනවාද ?

මේ තරම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් අන්ත අසරණභාවයට පත්වී සිටින මොහොතක සීෂෙල්ස් රටේ පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබාදීමේ විශේෂත්වය මොකක්ද ? මොකක්ද මේ අබිරහස ? මේ අවසරය පිටුපස කූඨ කුමන්ත්‍රණයක් තිබෙනවාද ? මොකක්ද මේ හදිසි අවසරයට හේතුව ? සානුකම්පිත හේතූන් කියන කාරණාව සඳහන් කරනවා නම් අපේ රටේ ජනතාව පිළිබඳව හද සසල වන්නේ නැද්ද ? කුවේට් ඇතුළු රටවල් ගණනාවක දස දහස් ගණනින් සිටිනවා අපේ ජනතාව නැවත අපේ රටට පැමිණෙන්නට බලාගෙන. ඒ අය ගැන හැඟීමක් එන්නෙ නැද්ද ? ඒ අය පිළිබඳ හදවතට වේදනාවක් දැනෙන්නෙ නැද්ද ?

එදා මේ අයට කිව්වෙ රට විරුවන් කියලා. ඡන්දෙන් පස්සෙ රට විරුවන් අමතක වෙලා නේද ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

(LNW)