නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණයක් පවත්වන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීම සඳහා පෙරහුරු ඡන්දයක් පැවැත්වීමට තීරණය කර තිබිණි. මෙම සතිය තුළ එම පෙරහුරු ඡන්දය පැවැත්වීමටයි සෞඛ්‍ය අංශ සහ මැතිවරණ කොමිසම බලාපොරොත්තුවෙන් සිටියේ.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී නව ආසාදිතයන් 50 කට වැඩි පිරිසක් වාර්තා වීමත් සමග කොවිඩ් අවදානම ඉහළ යාම නිසා අදාල පෙරහුරු ඡන්දය පැවැත්වීම කල්දමා තිබෙනවා.
මහ මැතිවණය පැවැත්වීමට තරම් සුදුසු වාතාවරණයක් රටේ පවතින බවට සෞඛ්‍ය සේව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණද, තවදුරටත් ආසාදිතයන් හමුවීම හේතුවෙන් ආරක්ෂණ ක්‍රියාවලි අඩපන වුවහොත් මැතිවරණ තියා කිසි දෙයක් සිදු කිරීමට නොලැබෙනු ඇති බවයි ඔහු ඊයේ පවසා තිබෙන්නේ.
(LNW)