Sunday, July 27, 2025
Follow Us
පන්සල් යන්න නෑ, පල්ලි යන්න නෑ, ඒත් ඡන්දෙ තියන්න නිර්දේශ දෙනවා. මේවා විහිළු - මනූෂ

සංචරණය සීමා කරමින් සහ රැස්වීම් තහනම් කරමින් සමාජය තුළ නොයෙකුත් නීති පනවා තිබියදී මැතිවරණයක් පැවැත්විය හැකියැයි හමුදා ලේකම්වරයකු සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති බවත් මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයත් හෑල්ලුවට ලක්කරන සිදුවීමක් බවත් සමගි ජන බලවේගයේ මහමැතිවරණ අපේක්ෂක මනූෂ නානායක්කාර මහතා පවසයි.

"පන්සල් යන්න බෑ. පල්ලි යන්න බෑ. කෝවිල් යන්න බෑ. මුස්ලිම් ජනතාව රාමසාන් ගෙදරට වෙලා සමරනවා. මේ වගේ සමාජයේ හැමතැනටම නීතිරීති දාලා කිසිම දෙයක් සිද්ධ කරගන්න බැරුව තියෙන අවස්ථාවක ජනාධිපති ලේකම්වරයාට වාර්තාවක් ඉදිරිපත් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශය මැතිවරණය පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය වෙලා තියෙනවා කියලා.

මොනවා නැතිවුණත් කමක් නෑ ඡන්දෙ තියන්න නිර්දේශය ලබා දෙනවා හමුදාවෙන් දාපු ලේකම්වරයෙක් ඉන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපතිවරයාට ඒ නිර්දේශය ලබා දෙනවා. මේවා සෞඛ්‍ය අංශයත් හෑල්ලුවට ලක්කරන, විහිළුවට ලක්කරන කාරණා හැටියට මම දකිනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මනූෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේ ඊයේ (24) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

(LNW)