Sunday, July 27, 2025
Follow Us
ආර්ථික අභියෝග ජය ගැනීමට සෑම ක්ෂේත්‍රයක්ම පැවැති ක්‍රමයෙන් වෙනස් විය යුතුයි

කෝවිඞ්-19 වසංගත රෝග තත්ත්වයත් සමග අනාගතයේ මතුවිය හැකි ආර්ථික හා අනෙකුත් අභියෝග ජය ගැනීමට සෑම ක්ෂේත්‍රයක්ම පැවති ක්‍රමයට වඩා වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක විය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍ය කාර්යයාලය සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය ක්‍රියාත්මක කරන "රීස්ටාර්ට් ශ්‍රී ලංකා" වැඩසටහන සම්බන්ධයෙන් නෙත් රේඩියෝව සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළ කළා.

මෑත යුගයේ බිහි වූ නව නිර්මාණ, නව නිපැයුම් ලෙස ජාත්‍යන්තරයට රැගෙන යාම ඇතුළු ක්ෂේත්‍ර රැසක නව වැඩසටහන් මේ යටතේ ක්‍රියාත්මක වන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

(Neth)