Sunday, July 27, 2025
Follow Us
සෞඛ්‍ය අංශ පුලුවන් කියනව නං ඇයි මැතිවරණෙ තවත් කල් දාන්නෙ - කෙහෙළිය

මැතිවරණ කොමිසම වර්තමානයේදී කටයුතු කරන ආකාරය අනුව එම කොමිසම ස්වාධීන ද යන්න පිළිබඳව සැක මතුවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

මැතිවරණ පනතට අනුව නාමයෝජනා භාර ගැනීමේ සිට අවම සති 05 ක් හා උපරිම සති 07 ක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවත්, නාමයෝජනා බාර ගැනීම අවසන් වූ මාර්තු 19 වැනිදා සිට අප්‍රේල් 25 වැනිදා දක්වා දින ගණන 36 ක් බවත් රඹුක්වැල්ල මහතා පෙන්වා දෙනවා.

එසේ තිබියදී දැන් මැතිවරණය පැවැත්වීම සඳහා දින 70 ක පමණ කාලයක් අවශ්‍ය බව ප්‍රකාශ කිරීම සැක සහිත බවයි ඔහු පවසන්නේ.

මැතිවරණය පැවැත්වීම සඳහා සුදුසු වාතවරණයක් රටේ පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබියදී තවදුරටත් මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම උත්සාහ දරමින් සිටින බව පෙන්වා දෙන රඹුක්වැල්ල මහතා පවසන්නේ එජාපය, සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයට ද අවශ්‍ය වී ඇත්තේ හැකි තරම් මැතිවරණය කල්දමා ගැනීම බවයි.

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය ආරක්ෂා කළයුතු බවත්, මැතිවරණය පැවැවීම සඳහා සුදුසු වාතාවරණයක් පවතින බව සෞඛ්‍ය අංශ සහතික වන්නේ නම් ලැබෙන පළමු මොහොතේම ඡන්දය පැවැත්විය යුතු බවත් රඹුක්වැල්ල මහතා පවසනවා.

(LNW)