Sunday, July 27, 2025
Follow Us
පාර්ලිමේන්තුව රැස් නොකර ක්‍රම ක්‍රමයෙන් යුධ හමුදා පාලනයකට යන්නයි මේ හදන්නේ - රංජිත්

පාර්ලිමේන්තුව රැස් නොකර ක්‍රම ක්‍රමයෙන් යුධ හමුදා පාලනයකට රට ගෙන යාමේ උත්සාහයක ජනාධිපතිවරයා නියැළී සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

"අධිකරණයට ගිහිල්ලා අපි ඉල්ලලා තියෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න. පාර්ලිමේන්තුව කැඳවන්න. අපි කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මීළඟ මැතිවරණයේ අපි සටන් කරනවා.

අද ඒකයි පාර්ලිමේන්තුව රැස් නොකර ක්‍රම ක්‍රමයෙන් යුධ හමුදා පාලනයකට යන්නයි යන්නේ ජනාධිපතිවරයා. කරුණාකරලා මේකට එරෙහිව සටන් කරමු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) මහනුවරදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)