Sunday, July 27, 2025
Follow Us
ජනතාවගේ බඩගින්නත් එක්ක නින්දිත වැඩ කරන්න එපා - චම්පික

ජනතාවගේ බඩගින්න සමඟ නින්දිත වැඩ නොකර සිටින ලෙස රජයට අවධාරණය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

ජන්දය ඉලක්ක කරගනිමින් ජුනි මස ලබා දීමට තිබූ රු.5000 මැතිවරණ කොමිසම මත තබමින් වළක්වා ලීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව සඳහන් කරන රණවක මහතා පැහැදිලි කරන්නේ ජුනි 20 මැතිවරණය පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසම පැවසීමෙන් පසු රු.5000 ක ජන්ද කප්පම නොදී සිටීමට උත්සහ කරන බවයි.

ආණ්ඩුව මෙලෙස කටයුතු කරමින් සිටින්නේ කොරෝනා හේතුවෙන් විපතට පත්ව සිටින රැකියා ආහිමිව සිටින මිනිසුන්ගේ බඩගින්න සමඟ බව හෙතෙම සඳහන් කරනවා.

(LNW)