කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැනට රටේ පවතින තත්වය මහ මැතිවරණය පැවැත්වීම සඳහා කිසිදු බාධාවක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත දන්වා ඇති බව අනාවරණය වේ.
මහ මැතිවරණයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකර ඇති පෙත්සම් විභාගය අද (22) ආරම්භ වූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය වෙත දන්වා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඒ බව ලිපියකින් දන්වා ඇති බවයි.
වෛරසය ආසාදනය වූ බවට තහවුරු කරගත් පුද්ගලයන්ගෙන් සුවවීමේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගැනීම මෙන්ම මියයන ප්‍රමාණය අවම ප්‍රතිශතයක පැවතීම යන කරුණු අනුව ශ්‍රී ලංකාව මෙම වෛරසය සාර්ථකව මර්දනය කර ඇති බව පැහැදිලි වන බව ද අනිල් ජාසිංහ මහතා අදාල ලිපියෙන් දැනුම් දී ඇති බව ද ජනාධිපති නීතිඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පවසා තිබෙනවා.
මෙම වෛරසය පාලනය කිරීම සඳහා තවමත් එන්නතක් සොයා නොගෙන ඇති හෙයින් ඉදිරියේදීද තවත් ආසාදිතයන් හමුවිය හැකි බවත්, වෛරසය තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බවත් ජාසිංහ මහතා අදාල ලිපියෙන් දැනුම් දී තිබේ.
(LNW)