හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පසුගිය රජය විසින් බදු පදනම ලබාදී තිබුණු ඉඩම යළි පවරා දෙන ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් ඒ මහතාට දැනුම් දී තිබේ.
කොළඹ 05, කිරිමණ්ඩල මාවතේ පිහිටි මෙම ඉඩම හිටපු හමුදාපතිවරයාගේ ආරක්ෂකයින් වෙනුවෙන් භාවිතා කිරීම සඳහා බදු පදනම ලබාදී තිබුණේ බස්නාහිර පළාත් සහ මහනගර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව කැබිනට් අනුමැතිය ද සහිතවය.
එහෙත් නව රජය බලයට පත්වී මාස කිහිපයකට පසුව ඔවුන් ෆොන්සේකා මහතාට දැනුම් දී ඇත්තේ මෙම ඉඩම වෙනත් ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බැවින් ඉඩම බාරදුන් අවස්ථාවේ පැවති ආකාරයම නැවත සකස් කර ආපසු බාරදීමට කටයුතු කරන ලෙසයි.
(LNW)