හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව අත් අඩංගුවට ගැනීමට එරෙහිව කළුතරදී පසුගිය 19 වනදා පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් සිදුකෙරෙන ඕනෑම විමර්ශනයකට මුහුණ දීමට තමන් සූදානම් බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
"හිටපු සෞඛ්‍ය ඇමතිතුමා වන රාජිත සේනාරත්න මැතිතුමාව සිරගත කළේ ඉතාම අසාධාරණ විදියට බව අපි එදාත් කිව්වා, අදත් කියනවා, හෙටත් කියනවා. ඊට එරෙහිව ගන්න පුළුවන් සෑම ක්‍රියාමාර්ගයක්ම අපි ගන්නවා. දිගින් දිගටම අපි අපේ විරෝධය පළ කරනවා.
ඒකෙදි අපට විරුද්ධවත් විමර්ශන කරනවා නම් ඒ ඕනෑම විමර්ශනයකට මුහුණ දෙන්න අපි සූදානම්. අපි මේ දේශපාලනය කරන්නෙ ඕවාට බයේ නෙවෙයි. ඕවායින් අපිව නවත්තන්න ලැබෙන්නෙත් නෑ.
මේ ආණ්ඩුව විවේචනය කරන, මේ ආණ්ඩුවේ වැරදිවලට එරෙහිව කතා කරන හැමෝම සිරගත කරන එක නම් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය වෙන්නෙ, අපිවත් හිරේ දාන්න එයාලාට පුළුවන්. ඒත් අසාධාරණයට, අයුක්තියට එරෙහි අපේ විරෝධය නවත්තන්න එයාලාට පුළුවන් වෙන්නේ නෑ" යනුවෙනුයි මේ පිළිබඳ අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ.
(LNW)