Thursday, January 15, 2026
Follow Us
පාර්ලිමේන්තුව විසුරුවා හැරිම එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානය අභියෝගයට ලක් කර නැහැ

ජනාධිපතිවරයා මාර්තු 02 වෙනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එම පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික සන්ධානය මේ වනතුරුත් කිසිදු අභියෝගයකට ලක් කර නොමැති බව ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෙළිදරව් වී තිබේ.

ඒත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසුරුවන ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේ දීය.

මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණේ එ.ජා.ප යෙන් කැඩී ගිය සමගි ජන බලවේගය පමණයි.

විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස ඉල්ලමින් පක්ෂ නියෝජිතයන් අත්සන් කළ ලිපියක එජාප, ජවිපෙ හා දෙමළ සන්ධානයේ නියෝජිතයන් අත්සන් කළද ඔවුන් එය ශ්‍රේෂ්ඨාධිකරණයේ අභීයෝගයට ලක් කර නොමැත.

(Lanka Leads)