ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ ප්‍රකාශය අගය කරන බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති රවි කරුණානායක ඊයේ (20 වැනිදා) පැවැසීය. හෙතෙම මේ බව පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී ඔහු මෙසේද පැවැසීය. ‘අපිත් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. අපි කවදාවත් ත්‍රිවිධ හමුදාවේ කාටවත් හානි වෙන්න ඉඩ දුන්නේ නැහැ. අපිත් ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය හොඳයි කියලා.
යුද සමයේ පාර්ලිමේන්තුව දෙවනත් කරමින් රණවිරුවන් අපහසුතාවයට පත්වන ආකාරයට කෑ මොර දුන් රවී කරුණානායක මහතාගේ ‘‘කිළිනොච්චි – මැදවච්චි‘‘ කතාව සිහිපත් කරන ජනතාව අද ජනපතිගේ රණවිරු සැමරුම් කතාව අගය කරන්නේ අතීතය සම්පූර්ණයෙන් අමතක කරමින්දැයි ප්‍රහ්න කරති.
අතීතය අමතක කළ රවී කරුණානායකට මතකය අවධිකරවීම සඳහා මෙම වීඩියෝව පළ කරනුයේ ජනතා ඉල්ලීම මතය.
(Lanka LEads)