දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට සූදානමින් සිටී. ඒ අනුව එහි සාමාජිකයකු ජනාධිපතිවරයා හමුවීමට සූදානමින් සිටින බවද දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් පවසයි.
‘‘අපි මේ සම්බන්ධයෙන් දැනටමත් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වා ඇති අතර ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා හමුවීමටද බලාපොරොත්තු වෙමු’’ යැයි පවසන ඔහු ඉතා ඉක්මනින්ම ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් යහපත් පිළිතුරක් දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරයි.
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ මස මුලදී දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අග්‍රාමාත්‍ය නිල නිවසේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවූ අතර පසුගිය අඟහරුවාදා (12 වැනිදා) යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් අග්‍රාමාත්‍යවරයා හමුවී දේශපාලන සිරකරුවන්ගේ තොරතුරු ඇතුළත් ලිපියක් භාර දුන්නේය. දේශපාලන හේතූන් මත රඳවාගෙන සිටිනවා යැයි දෙමළ සන්ධානය ප්‍රකාශ කරන සිරකරුවන් අනූහය දෙනකුගේ තොරතුරු මෙම ලේඛනයේ අඩංගු වූ අතර ඉන් හතළිස් හත් දෙනකු නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාවක් ඉන් ඉල්ලා තිබේ.
(Lanka Leads)