මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඊට වියදම් වන මුදලින් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවිය හැකි බවට සජිත් ප්‍රේමදාස මහතා කළ ප‍්‍රකාශයන් නොදන්නා කමට කරන ලද්දක් යයි හිටපු ඇමැති රවි කරුණානායක මහතා පවසයි.
මැතිවරණයක් පැවැත්වීමට යන මුදල මෙන් කිහිප ගුණයක් රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවනීමට වැය වන බවද එනිසා මැතිවරණයට යන වියදමෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවිය නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.
සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව පැවසීය.
මේ ප්‍රකාශයන්ගෙන් ඔවුන්ගේ ආර්ථික දැක්ම පැහැදිළි වන බව ද රවී කරුණානායක මහතා කියා සිටියේය.
(Lanka Leads)