පාර්ලිමේන්තු මහා මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩු සම්බන්ධයෙන් අදහස් පළ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.
මෙම අවස්ථාවේදී කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහයෝගය පළ කරමින් එහි අඩුපාඩු පිළිබඳව පෙන්වා දීම පමණක් සිදුකරන ලෙස ඔහු දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
අධිකරණය හමුවේ නඩු පැවරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර නොමැත.
එම නිසා තමන් සතියකට දෙවරක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පළ කරන අදහස් සමාජගත කරන ලෙස පක්ෂ නායකත්වය අපේක්ෂකයන්ගෙන් ඉල්ලා තිබේ.
(Lanka LEads)