Friday, July 25, 2025
Follow Us
බැසිල්ට එරෙහි මල්වාන නිවසේ නඩුව සැප්තැම්බර් මාසය දක්වා කල්යයි

මල්වාන ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලදීගෙන එහි සුවිසල් නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකර, ගොවිපලක් ද පවත්වාගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාට සහ ඔහුගේ ඥාති සහෝදරයකු වන තිරුකුමාර් නඩේසන් මහතාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් 18 වනදා දක්වා කල්තැබීමට ඊයේ (15) නියම කෙරිණි.

ඒ, එම නඩුව ගම්පහ අංක 2 මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර මෙකී ඉඩම, නිවස ඇතුළු දේපළවල රජයේ තක්සේරු වටිනාකම රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක් බව ද සඳහන්.

කෙසේවෙතත් මෙම නිවස තමන්ට අයත් එකක් නොවන බවයි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබුණේ.

(LNW)