Friday, July 25, 2025
Follow Us
පොලිස් කොමිසමේ සභාපති කරුගේ රෙදි ගලවයි

ස්වාධින පොලිස් කොමිෂන් සභාව විසින් කරන ලද ඇතැම් මාරුවීම් අවලංගු කරන ලෙස ව්‍යවස්ථාදායක සභාවේ සභාපති හිටපු කථානායක කරූ ජයසූරිය මහතා තමන්ට බලපෑම් කළ බව එම කොමිසමේ සභාපති කේ.ඩබ්ලිව්.ඊ කරලියද්ද මහතා කොමිසමේ සාමාජිකයන් හමුවේ පසුගිය බ්‍රහස්පතින්දා (14දා) පවසා තිබේ.

ඊට අමතරව එක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට වැටුප් වර්ධකයක් ලබා දෙන ලෙසද ජයසූරිය මහතා තමනට බලපෑම් කළ බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

මේ ආකාරයට ස්වාධීන කොමිෂන් සභාවකට බලපෑම් කරන්නට කරූ ජයසූරිය මහතාට ඇත්තේ කවර බලයක් දැයි යන්න දැඩි ප්‍රශ්නාර්ථයකට තුඩු දෙන්නක් වී ඇතැයිද තතුදත් ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම ජයසූරිය මහතාගේ බලපෑම්වලට ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා අවනතව ක්‍රියා කරන්නේ නම් එම කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඇත්තේ කොහි දැයි එම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභාවලට මේ ආකාරයෙන් එල්ල වන බලපෑම් වලට ඒවායේ ප්‍රධානීන් අවනතව ක්‍රියා කරන්නේ ඒ පිළිබඳව දැඩි පියවර ගැනීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු විය යුතු බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

Mawbima