Friday, January 16, 2026
Follow Us
සමගි ජනබලවේගයෙන් ඡායා කැබිනෙට්ටුවක්

රජයේ අමාත්‍ය මණ්ඩලයට සමාන ඡායා කැබිනෙට්ටුවක් පිහිටුවීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ. රජයේ ඇමති මණ්ඩලයේ කටයුතු සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටීම මෙම ඡායා කැබිනට්ටුවේ කාර්යය වෙයි.

විපක්ෂනායක කාර්යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. අජිත් පී. පෙරේරා, නලීන් බණ්ඩාර, හරීන් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමනායක, ශිරාල් ලක්තිලක, තිස්ස අත්තනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියහ.

දැනට තිබෙන සෑම අමාත්‍යංශයක් සඳහාම ඡායා ඇමතිවරයකු පත්කරනු ලබන අතර එම අමාත්‍යංශ තුළ සිදුවන සියලු කරුණු පිළිබඳව සොයා බැලීම, අදහස් දැක්වීම, ගැටළු වලට විසඳුම් ලබාගැනීම සඳහා වගකීම හිටපු මන්ත්‍රීවරයකුට පැවරේ.

(Lanka LEads)