අමාත්‍යංශ ලේකම් වැනි රජයේ ඉහළ තනතුරු සඳහා පත් කළ යුත්තේ පරිපාලනය පිළිබඳ පළපුරුද්ද ඇති අය පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (13 වැනිදා) පවසා තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ හිටපු මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් කොළඹ 7, පස්වන පටුමගේ පිහිටි සිය නිවසේදී හමුවූ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ බව පවසා ඇත.
ජනතාවට සෘජුව වගකියන අමාත්‍යාංශවලට පරිපාලනය පිළිබඳ අවබෝධයක් නැති අය පත් කිරීමෙන් අර්බුද ඇතිවිය හැකි බවද එජාප නායකයා එහිදී පෙන්වාදී ඇත.
කොරෝනා වසංගතය රට පුරා ව්‍යාප්ත වී ඇති අවස්ථාවක ජනතාව සමග කටයුතු කර පළපුරුදු නිලධාරින් පමණක් උසස් තනතුරුවලට පත්කළ යුතුව ඇතැයිද මෙහිදී පවසා ඇති හෙතෙම සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි ප්‍රබලව ක්‍රියා කළ යුතු ආයතනවලට පළපුරුදු සහ පරිපාලනය ගැන දන්නා නිලධාරින් සිටිය යුතුම බවද කියා තිබේ.
(Aruna)