කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මැතිවරණ කොමිසන් සභාවේ ප්‍රධාන කොමසාරිස්වරයා වන මහින්ද දේශප්‍රිය මහතා දැඩි ස්ථාවරයක ඉන්නා බව වාර්තා වෙයි.
පසුගියදා මැතිවරණ කොමිසම් කාර්යාලයේ පැවති පක්ෂ නියෝජිතයින් අතුරින් විපක්ෂය නියෝජනය කරන නියෝජිතයින් මේ පිළිබඳව සාකච්ජා කොට තිබේ.
ඊට සහභාගී වූ භාරකාර ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නියෝජිතයින් මැතිවරණය පැවැත්වීමේ පුර්ණ වගකීම තිබෙන්නේ මැතිවරණ කොමිසමට හා එහි සභාපතිවරයාට බව ප්‍රකාශ කරමින් මහින්ද දේශප්‍රිය මහතාගේ ස්ථාවරය ශක්තිමත් කිරීමට කටයුතු කරන බවද වාර්තා වෙයි.
(Lanka Leads)