Thursday, July 24, 2025
Follow Us
ඡන්දය තියන්න විකල්ප ක‍්‍රම තිබියදීත් විපක්‍ෂය ‘නාහෙන් අඬනවා’ – අගමැති

”අද උදාවී තිබෙන තත්ත්වය අනුව ඡන්දයක් පැවැත්වීම සඳහා ඕනෑතරම් ක‍්‍රමවේද තිබියදීත් ‘ඡන්දයක් එපා’ කියමින් හඬ නගන පුදුම විපක්ෂයක් තමයි අපට තියෙන්නේ” යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
සාමාන්‍යයෙන් විපක්‍ෂයක් හඬනැගිය යුත්තේ ‘ඡන්දයක් ඕනෑ’ කියායි. නමුත් ඡන්දයක් එපා කියා හඬ න`ගන විපක්‍ෂය ගැන රටේ ජනතාව හොඳාකාරව වටහාගෙන සිටිනවා.

”ඡන්දයක් තියන්න ක‍්‍රමවේද ඕනෑතරම් තියෙනවා. අද මාධ්‍ය හරිම ප‍්‍රබලයි. ඡන්දයක් වෙනුවෙන් අපේක්‍ෂකයින්ට මාධ්‍ය තුළින් ඕනෑතරම් ප‍්‍රසිද්ධියක් ගන්න පුළුවන්. වෙනදා තාප්පවල පෝස්ටර්, ඡායාරූප අලවා ප‍්‍රසිද්ධිය ලබා ගන්නා උදවියට ඕනෑනම් විකල්ප ක‍්‍රම මගින් ප‍්‍රසිද්ධිය ලබා ගැනීමටත් පහසුකම් සලසා දීමටත් අපට ක‍්‍රියා කරන්න පුළුවන්.’’

”ගෙයින් ගෙට ගොස් ඡන්ද ප‍්‍රචාරක වැඩකටයුතු කිරීමට දෙතුන් දෙනෙක් සීමාකරගෙන ඔය අපේක්ෂකයින්ට ඕනෑනම් යන්න අවස්ථා තියෙනවා. ඒ වගේම ප‍්‍රචාරක රැුස්වීම් සෞඛ්‍ය උපදෙස් මත කරගන්නත් පුළුවන්. ඡන්දය දැමීමට යන අවස්ථාවේදීත් ආරක්‍ෂක තත්ත්වය අනුව ඡන්ද දායකයින්ට ක‍්‍රියා කිරීමට ඕනෑතරම් ක‍්‍රමවේද ගන්න පුළුවන්. ඡන්දය පවත්වන්නේ කොහොමද කියලා ආණ්ඩුව සමග කතාබහ නොකර, සහයක් නොදී ‘ඡන්දය එපා’ කියමින් ඡුන්දය කල්දාගන්න මේ උදවිය මේ හැටි දඟලන්නේ මෙයාලා ඡන්දයට මුහුණ දෙන්න බය නිසයි. මේ උදවිය මේ තුළින් විශාල ප‍්‍රසිද්ධියක් ලබාගන්න හදනවා” යැයි අගමැතිවරයා කීවේය.

(Lanka Leads)