අධිකරණ කටයුත්තක් පැවතීමත්,තවමත් දිස්ත්‍රික්ක දෙකක ඇදිරි නීතිය ක්‍රියාත්මක වීමත් සලකා බලා මැතිවරණ කොමිෂන් සභාව කරන ලද දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව මනාප අංක නිකුත් නොකළ බව එම කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.
දැනට සඳහන් ආකාරයට මැතිවරණය පැවැත්වෙන දිනය වන්නේ ජුනි මස 20 වැනිදා බවද ඔහු සඳහන් කළේය.
මනාප අංක ලබාදීම සම්බන්ධව ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව තීරණය කරන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
මහා මැතිවරණයට අදාළ මනාප අංක සහිත ගැසට් පත්‍රය පෙරේදා (12 වැනිදා) නිකුත් කිරීමට නියමිතව තිබිණි.
(Aruna)