Thursday, July 24, 2025
Follow Us
ආණ්ඩුව මැතිවරණ තැටිය රත් කරද්දී ජනතාව ජීවන වියදම් තැටියේ පිච්චෙනවා - සජිත්

අද ආණ්ඩුවට මැතිවරණය ගැන තිබෙන උනන්දුව කෙතරම්ද යත් මැතිවරණය පවත්වා ඡන්ද පත්‍රිකා විෂබීජානුහරණයට ලක් කිරීමට අවශ්‍ය උෂ්ණත්වයත් පවසන නමුත් ජනතාවගේ ජීවන වියදම් තැටිය බොහෝ සෙයින් රත් වී ඇති බව ආණ්ඩුවට නොවැටහෙන්නේදැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසයි.

මේ වන විට සැමන්,පරිප්පු මිල පාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබෙන අතර දෙවන වටයේ දෙන බව පැවසූ රු.5000 ද නැති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

රජයේ නිලධාරීන්ගේ වැටුප පරිත්‍යාග කරන ලෙස බලකරන ආණ්ඩුවට ලෝක බැංකුව, යුරෝපා හවුල චීනය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රාශියක් මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන රාශියක් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනක් රටට ආධාර ලබා දී තිබෙන බවද හිටපු විපක්ෂනායකවරයා පෙන්වාදෙයි.

ජනතාවගේ තැටිය හොඳටම රත් වී ජීවත් වීමට නොහැකි තත්ත්වයක් තිබියදී මැතිවරණ පත්‍රිකා රත් කරන තැටිය පසෙක තබා ඒවාට වැය කරන මුදල් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කැප කරන ලෙස හෙතෙම වැඩිදුරටත් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

(LNW)