Friday, January 16, 2026
Follow Us
රාජිත සේනාරත්න අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අධිකරණයෙන් CIDයට නියෝග

හිටපු ඇමති රාජිත සේනාරත්නව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ප්‍රශ්නගත සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුව සම්බන්ධයෙන් එහි තෙවන සැකකරුවන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප නියෝගය අද (13) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විසින් අවලංගු කළේය.

එහි ඉදිරි නෛතික පියවරක් වශයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝග කර තිබේ.

(Lanka Leads)