Friday, January 16, 2026
Follow Us
මැතිවරණය පවත්වන්නැයි අපි කොමිසමෙන් ඉල්ලා සිටියා - ඇමති දිනේෂ්

මහමැතිවරණය පවත්වන ලෙස තමන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බව අමාත්‍ය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

"අද අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියා ඡන්දය පවත්වන්න කියලා. ඒවාගේම මේ තියෙන සෞඛ්‍ය තත්වය ආදිය විවිධ කරුණු සාකච්ඡා කරලා, අධිකරණය ඉදිරියේ තියෙන ප්‍රශ්නත් සාකච්ඡා කරලා ඒ පිළිබඳ තීරණයක් ඉදිරියේ ප්‍රකාශයට පත් කෙරෙන තත්වයන් තුළ තමයි සාකච්ඡාව ඉවර වුණේ" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

දිනෙෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (12) මැතිවරණ කොමිසම සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)