මහ මැතිවරණයට අදාලව අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම තවදුරටත් කල් දැමීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයන් අද රැස් වී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ඉන් අනතුරුව මෙම තීරණයට එළඹ තිබෙනවා.
සාමාන්‍ය ක්‍රමවේදය අනුව මැතිවරණය පැවැත්වෙන දිනයට මාසයකට පෙර මනාප අංක නිකුත් කළ යුතුය. එය මැතිවරණ ක්‍රියාවලියේ ආරම්භය ලෙස ද සැලකෙනවා.
රටේ පවතින තත්වය අනුව මනාප අංක නිකුත් කිරීම තවදුරටත් කල්දැමීමට සිදුව ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
මේ අතර ජුනි 20 වැනිදා මහ මැතිවරණය ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සම් කිහිපයක් ගොනුකර ඇති අතර එම පෙත්සම් විභාගය ද තවමත් ආරම්භ කර නොමැත. අදාල පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා අතරමැදි පෙත්සමක් ද ගොනුකර තිබේ.
(LNW)