Wednesday, July 23, 2025
Follow Us
මහ මැතිවරණය ගැන සමගි ජන බලවේගයේ මත ගැටුම්

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව සමගි ජන බලවේගය තුළ මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් මෙම සන්ධානයේ පිරිසක් කොරෝනා වසංගත තත්වය හමුවේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩ නොදිය යුතු බව ප්‍රකාශ කරන අතර එහි තවත් පිරිසක් ඉතා කඩිනමින් මහ මැතිවරණයක් පවත්වා ස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩ නැගිය යුතු බව සඳහන් කරයි.

ඒ අනුව වර්තමානයේ ජනධිපතිවරයා විසින් සිය තනි මතයට ගන්නා තීන්දු පාලනය කළ හැකි බවත් එසේ නොවුවහොත් තත්වය තවත් බරපතල විය හැකි බවද එම පිරිස පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වූ සාකච්ජාවක් ඉකුත් 10 වනදා පැවැත්වෙමින් තිබියදී ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ධූරයට යුධ හමුදා මේජර් ජෙනරල් වරයෙකු පත් කිරීමට සුදානම් වන බව සැලවී ඇති අතර එයම උදාහරණයකට ගන්නා ලෙස මැතිවරණයට විරුද්ධ පිරිස වෙත මැතිවරණයට පක්ෂපාතී පිරිස විසින් පෙන්වා දී තිබේ.

මේ වන විට සමගි ජන බලවේගයේ චම්පික රණවක හා කුමාර වෙල්ගම යන මහත්වරුන් කඩිනම් මැතිවරණයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට යොමු වී තිබේ.

(Lanka Leads)