Friday, January 16, 2026
Follow Us
PB කැමති නම් දෙන්න කීව්වාම වැඩියෙන්ම අමාරු වුණ ඔක්කොම හොරු - ගීතා

රජයේ සේවකයින්ගේ සම්පූර්ණ වැටුපම හෝ ඉන් අඩක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා කළ ඉල්ලීම නිසා කුපිත වී සිටින්නේ බැංකු හොරුන් ඇතුළු හොරු පිරිසක් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක ගීතා කුමාරසිංහ මහත්මිය චෝදනා කරයි.

"නිකම්ම මඩ ගහගෙන යනවා. ඒ අයට කැමති නම් අනුග්‍රහයක් දක්වන්න කියපු කතාවට වැඩියෙන්ම අමාරු වුණේ බැංකු හොරුන්ට. හොඳටම හොරකම් කරපු එක්කෙනාට මහා අමාරුවක් දැනිලා. ඒ ගොල්ලොන්ගෙන් පොඩ්ඩ පොඩ්ඩ හොරකම් කරපු කට්ටියටත් තව අමාරු දැනිලා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)