Friday, January 16, 2026
Follow Us
මේ උවදුරේදී එජාපය ආණ්ඩුවට සහාය දෙනවා. ජනතාව බේරාගන්න නායකත්වයත් දෙනවා - අකිල

වත්මන් කොරෝනා ජාතික උවදුර හමුවේ එක්සත් ජාතික පක්ෂය අනෙකුත් පක්ෂ මෙන් බොරදියේ මාළු බාන්නට උත්සාහ නොකරන බවත් ආණ්ඩුවට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදෙන බවත් එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

"අපි මෙම ජාතික උවදුරේදී - අද රට ඉතාම බරපතළ තැනකට පත්වෙලා තිබෙනවා, ජනතාවට ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙලා තියෙනවා - මේ ප්‍රශ්නයේදී අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා. මේ ප්‍රශ්නයේදී අපි බොරදියේ මාළු බාන්න උත්සාහ කරන්නෙ නෑ අනෙකුත් පක්ෂ වගේ.

ඒවගේම මේ ඇතිවෙලා තියෙන තත්වයෙන් ජනතාව මුදවා ගන්නත් අවශ්‍ය නායකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් දෙනවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (11) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)