මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නියම කරන ලද දිනය අධිකරණය හමුවේ කිසිවෙකුටත් අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
ජුනි මස 20 වනදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ චරිත ගුණරත්න මහතා ඉදිරිපත් කර ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(11) කැඳවනු ලැබූ අවස්ථාවේදී සිය මතය ඉදිරිපත් කරමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
(Lanka Leads)