මැතිවරණය පැවැත්වීම සඳහා කොරෙනා වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අවශ්‍ය නැති බවත් එය කළමණාකරණය කළ හැකි මට්ටමට පාලනය කළ පසුව මැතිවරණය පැවැත්විය හැකි බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.
මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු සඳහන් කොට ඇත්තේ එක් රෝගියෙකුවත් නොමැති තත්වයක් ඇතිවන තුරු මැතිවරණය කල් දැමී නොහැකි දෙයක් බවය. ඒ අතර සියළුම පක්ෂ වලට මහජන රැස්වීම් පැවැත්වීම තහනම් කිරීමට ද ඔහු විසින් යෝජනා කොට ඇති අතර එය සියළුම පක්ෂ වලට පොදු තත්වයක් නිසා අසාධාරණයක් සිදු නොවන බවද ඔහු විසින් සඳහන් කොට ඇත.
(Lanka Leads)