Friday, October 18, 2024
Follow Us
එජාප මැතිවරණ ප්‍රචාරක කටයුතු ජූලි 01 සිට අරඹයි

ජූලි 01 වැනිදා සිට මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

එම ප්‍රචාරක කටයුතු සඳහා සිව් පුද්ගල කමිටුවක් පත්කර ඇති අතර ඒ සඳහා තමන් ඇතුළු රාජිත සේනාරත්න,රුවන් විජේවර්ධන සහ මුජිබර් රහුමාන් නම් කෙරුණු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එළඹෙන අඟහරුවාදා සහ බදාදා වන විට ආසන සංවිධායකවරු ගෙන්වා ශාඛා සමිති පිහිටුවීම ඇතුළු සංවිධාන කටයුතු සම්බන්ධයෙන් සාකච්ජා කරන බව කාරියවසම් මහතා කියා සිටියේය.

(LNW)