Saturday, July 12, 2025
Follow Us
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිවරිය අගමැති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ඇලයිනා ටෙප්ලිට්ස් අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිළ නිවසේදී මෙම හමුව සිදු වූ බවයි. කොවිඩ් – 19 ගෝලීය වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති බව සඳහන්.

විශේෂයෙන් එහි ආර්ථික බලපෑම් සහ ඒකාබද්ධ සහයෝගීතාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයා සහ ඇමරිකානු තානාපතිවරිය අතර අදහස් හුවමාරු වී තිබෙනවා.

(Lanka Leads)