Monday, September 16, 2024
Follow Us
මසක් තුළ තෙවන වරටත් ජනපති විදෙස් සංචාරයක. මෙවර කාම්බෝජයට !

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 25 වනදා කාම්බෝජය බලා පිටව යාමට නියමිතව තිබේ.

ජුනි 26 සහ 27 දෙදින තුළ ජනාධිපතිවරයා කාම්බෝජයේ සංචාරය කිරීමට නියමිත බව සඳහන්.

ඒ අනුව දින 30ක කාලයක් තුළ ජනාධිපතිවරයා විදෙස්ගත වන තුන්වන අවස්ථාව මෙය වනු ඇති.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉන්දියාව බලා පසුගිය මැයි 30 වනදා පිටව ගිය ජනාධිපතිවරයා ආපසු පැමිණියේ මැයි 31 වනදා රාත්‍රියේය. ඉන් අනතුරුව ජුනි 13 වනදා ටජිකිස්ථානයේ පැවති චීන - රුසියානු කලාපීය සමුළුවකට ද ජනාධිපතිවරයා සහභාගී වූ අතර එම තෙදින සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ 50ක පමණ දූත පිරිසක් එක්ව සිටි බව ද වාර්තා විය.

(LNW)