Tuesday, February 10, 2026
Follow Us
ජිනීවා සමුළුවේදී රුසියාව ශ්‍රී ලංකාව සමග

පෙබරවාරි 24 වැනිදා ආරම්භ වන 43 වැනි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සමග එක්‌ව ක්‍රියා කිරීමට රුසියාව සහ චීනය එක`ග වී ඇත.

මෙම සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ ජිනීවා යෝජනාව ඉදිරිපත් නොවූවත් ශ්‍රී ලංකාව වධ හිංසා කිරීම්වලට සම්බන්ධ බවට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයකු වාර්තාවක්‌ ඉදිරිපත් කෙරේ.

මේ හැර රාජ්‍ය නොවන සංවිධාන විසින් ස්‌විස්‌ තානාපති කාර්යාල සේවිකා ගානියා µ්‍රeන්සිස්‌, රහස්‌ පොලිසියේ හිටපු පරීක්‍ෂක නිශාන්ත සිල්වා සහ රහස්‌ පොලිසියේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම සම්බන්ධව මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කිරීමට නියමිතය.

මෙවර මානව හිමිකම් සමුළුවේ ක්‍රියාකාරීත්වයෙන් බ්‍රිතාන්‍ය ඉවත්ව ගොස්‌ ඇත. මේ අතර කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන 17 ක්‌ මාර්තු සමුළුවේදී ශ්‍රී ලංකාවට එරෙහිව කරුණු දැක්‌වීමට ඉදිරිපත්වී තිබේ.

(Lanka Leads)