Friday, October 18, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ සාම සාධක හමුදා නිලධාරීන් 11ගේ සේවා කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක්

දකුණ සුඩානයේ සාම සාධක හමුදා රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් 11දෙනෙකුගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස දකුණු සුඩානයේ සාම සාධක කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීම යොමු කර ඇත්තේ අමෙරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කාර්යාලය වෙතයි.

ශ‍්‍රී ලංකා පොලීසියේ නිලධාරීන් 18දෙනෙකු දැනට දකුණු සුඩානයේ සාම සාධක හමුදා රාජකාරීවල නිරත වනවා. ඒ අතරින් 11දෙනෙකුගේ සේවා කාලය ජූලි මස 01වනදායින් අවසන් වීමට නියමිතයි.

ඔවුන්ගේ සේවා කාලය ලබන වසරේ ජනවාරි 01වනදා තෙක් දීර්ඝ කරන ලෙයසි දකුණු සුඩානයේ සාම සාධක කාර්යාලය, නිව්යෝර්ක් හි පිහිටි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් කාර්යාලයෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අමාත්‍යාංශයට හෝ පොලිස් මූලස්ථානයට දැනුම් දීමක් කර නොමැති බව ද වාර්තා වනවා. නිව්යෝර්ක්හි සිටින එක්සත් ජාතීන්ගේ මෙරට නිත්‍ය නියෝජිතයා විසින් එම දැනුම් දීම සිදු කළ යුතු වනවා.

(Neth)