Wednesday, July 15, 2026
Follow Us
අගමැතිනිය කටාර් රාජ්‍යයේ වත්මන් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරයි

හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (15) දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගයට (Lusail Palace) පැමිණියාය.

එහිදී කටාර් අභ්‍යන්තර කටයුතු ඇමැති Qatar's Minister of Interior is His Excellency Sheikh Khalifa bin Hamad bin Khalifa Al Thani විසින් පිළිගැනීම සිදු කළ අතර අනතුරුව කටාර් රාජ්‍යයේ අමීර් ෂෙයික් තමීම් බින් හමාඩ් අල්-තානි (HH the Amir Sheikh Tamim bin Hamad Al-Thani) මහතා හමුවිය.

අභාවප්‍රාප්ත වූ හිටපු (Father Amir) ෂෙයික් හමාඩ් බින් කලීෆා අල්-තානි (Sheikh Hamad bin Khalifa Al-Thani) මහතාගේ අභාවය වෙනුවෙන් කටාර් අමීර්වරයා වෙත ලක් රජය ඇතුළු ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී කටයුතු කළාය.

මෙම නිල හමුවට කටාර් රාජ්‍යයේ නියෝජ්‍ය අමීර් ෂෙයික් අබ්දුල්ලා බින් හමාඩ් අල්-තානි, අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්රහ්මාන් බින් ජාසිම් අල්-තානි මෙන්ම ෂූරා කවුන්සිලයේ කථානායක හසන් බින් අබ්දුල්ලා අල් ගානිම් ඇතුළු රාජකීය පවුලේ ඉහළ පෙළේ නියෝජිතයින්, අභාවප්‍රාප්ත හිටපු අමීර්වරයාගේ පුත්‍රයන් සහ රජ පවුලේ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියහ.