දින දෙකකට පෙර අමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ලෙබනන රජය සහ ඊශ්රායලය අත්සන් තැබූ නව සටන් විරාම ගිවිසුම ලෙබනනයේ ස්වෛරීභාවය පාවාදීමක් බව පවසමින් හිස්බුල්ලා සංවිධානයේ නායක නායිම් කාසම් එය මුළුමණින්ම ප්රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.
හිස්බුල්ලා සංවිධානය නිරායුධ කිරීම සහ ලෙබනනයෙන් ඊශ්රායල හමුදා ඉවත් කරගැනීම මෙම ගිවිසුමේ ප්රධාන කොන්දේසියක් වුවද, ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු පිරිස පවසන්නේ හිස්බුල්ලා සංවිධානය නිරායුධ කළද තමන් ලෙබනන භූමිය තුළ රැඳී සිටින බවයි.
ගිවිසුම අත්සන් කිරීමෙන් පසුවත් දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්රායල ප්රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙන බව ද වාර්තා වෙයි.
ලෙබනන රජය ඊශ්රායල ආක්රමණය නීත්යානුකූල කර ඇති බවත්, හිස්බුල්ලා සංවිධානය කිසිසේත්ම සටන් බිම අත්නොහරින බවත් නායිම් කාසම් ප්‍රකාශකර තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.