Sunday, June 14, 2026
Follow Us
අගමැතිනිය සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිත පිරිස අතර හමුවක්
දිට්වා ආපදා තත්ත්වයෙන් පසුව අධ්යාපන ක්ෂේත්රයේ ප්රතිසාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිත පිරිස අතර හමුවක් පසුගියදා (12) අරලියගහ මන්දිරයේ දී පැවත්විය.
මෙහි දී, "Cyclone Ditwah Education Emergency Response Plan: Phase 1 Progress Updates (January–April 2026)" වාර්තාවේ ඇතුළත් යෝජනා ක්රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ දරුවන් සහ පාසල් සඳහා දියත් කළ ප්රතිචාර වැඩසටහනෙහි පළමු අදියරේ ප්රගතිය සමාලෝචනය කිරීමද ඉදිරි ක්රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙම හමුවේ දී සිදු විය.
 
එමෙන්ම, බලපෑමට ලක් වූ දරුවන්ගේ සුබසාධනය සහ අධ්යාපනය කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තහවුරු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද අග්රාමාත්යවරිය සහ යුනිසෙෆ් නියෝජිත පිරිසගේ අවධානය යොමු විය.
 
මෙම අවස්ථාවට ශ්රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත Emma Brigham, නියෝජ්ය නියෝජිත Begona Arellano ඇතුළු යුනිසෙෆ් නිලධාරීන් එක්ව සිටියහ.
- අග්රාමාත්ය මාධ්ය අංශය