Friday, May 29, 2026
Follow Us
Asia Tech x Singapore 2026 සමුළුව නියෝජනය කරමින් ශ්‍රී ලංකාව කලාපීය ඩිජිටල් සහයෝගීතාව ශක්තිමත් කරයි
සිංගප්පූරුවේ කැපෙල්ලාහි දී පසුගියදා පැවැත්වුණු Asia Tech x Singapore (ATxSG) 2026 ජාත්යන්තර තාක්ෂණික සමුළුව සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා ප්රමුඛ දූත පිරිසක් සහභාගී වූහ.

 

මැයි 19 සිට 21 දක්වා පැවැත්වුණු මෙම සංචාරයේ ප්රධාන අරමුණ වූයේ ශ්රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, කෘතිම බුද්ධිය (AI), මූල්ය තාක්ෂණය (Fintech), සයිබර් ආරක්ෂණය, නවෝත්පාදන සහ AI තාක්ෂණය වැළඳගැනීම යන ක්ෂේත්රයන්හි ද්වීපාර්ශ්වික සහ කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමයි.
 
ඒ වෙනුවෙන් නියෝජ්ය අමාත්යවරයා ජ්යෙෂ්ඨ රාජ්ය තාන්ත්රිකයින්, තාක්ෂණික ක්ෂේත්රයේ ප්රධානීන්, විද්වතුන් මෙන්ම සිංගප්පූරුවේ වෙසෙන ශ්රී ලාංකික වෘත්තිකයන් සමඟ සාර්ථක සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබීය.
 
සමුළුව අතරතුර, සිංගප්පූරු ජනරජයේ ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා, සිංගප්පූරුවේ ඩිජිටල් සංවර්ධන හා තොරතුරු අමාත්ය ජොසෆින් ටියෝ මහත්මිය සහ එම අමාත්යාංශයේම රාජ්ය අමාත්ය රාහ්යු මහ්සාම් මහත්මිය සමඟ නියෝජ්ය අමාත්යවරයා සුහද සාකච්ඡාවල නිරත විය.
එහි දී ඩිජිටල් පරිවර්තනය, AI පාලනය (AI Governance), ඩිජිටල් පොදු යටිතල පහසුකම් (Digital Public Infrastructure) සහ තාක්ෂණය පදනම් කරගත් ආර්ථික වර්ධනය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මීට අමතරව, ශ්රී ලංකා ඩිජිටල් ආර්ථික නියෝජ්ය අමාත්යවරයා සහ වියට්නාමයේ විද්යා හා තාක්ෂණ නියෝජ්ය අමාත්ය ගරු බුයි හෝං ෆුඔන්ග් මහතා අතර විශේෂ ද්වීපාර්ශ්වික හමුවක් ද පැවැත්විණි.
 
එහි දී සයිබර් ආරක්ෂණ ක්ෂේත්රයේ සහයෝගීතාව, දත්ත සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ඒකාබද්ධ ක්රියාමාර්ග මෙන්ම ද්වීපාර්ශ්වික තාක්ෂණික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම යන ප්රධාන කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
 
දෙරටේ ඩිජිටල් ආර්ථික සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙනයාම සඳහා වියට්නාමයේ නිල සංචාරයක නිරත වන ලෙස වියට්නාම නියෝජ්ය අමාත්යවරයා විසින් මෙහි දී ශ්රී ලංකා නියෝජ්ය අමාත්යවරයා වෙත නිල ආරාධනයක් ද සිදු කරන ලදී.
 
ඩිජිටල් ඇතුළත් කිරීම්, නවෝත්පාදන සහ තාක්ෂණය පදනම් කරගත් සංවර්ධනය වෙනුවෙන් Adaptation AI, Google, සහ Gates Foundation යන ජාත්යන්තර ආයතනවල නියෝජිතයන් සමඟ ද සාර්ථක සාකච්ඡා පැවැත්විණි. එසේම Singapore Cooperation Enterprise, AI Singapore, සහ Global Finance & Technology Network (GFTN) හි නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවල දී ශ්රී ලංකාව තුළ ප්රතිඵලදායී වැඩසටහන් ක්රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු විය.
ඒ යටතේ තරුණ පරපුර ඩිජිටල් වශයෙන් බලගැන්වීම, රාජ්ය අංශයේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීම, AI තාක්ෂණය භාවිතයට හුරු කිරීම සහ නවෝත්පාදන පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම කෙරෙහි සුවිශේෂී ප්රමුඛතාවක් හිමිවිය.
මෙම සංචාරයේ තවත් සුවිශේෂී අවස්ථාවක් වූයේ සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී එහි වෙසෙන ශ්රී ලාංකික තාක්ෂණික හා වෘත්තීය ප්රජාව හමු වී සාකච්ඡා කිරීමයි.
එහි දී ලංකාවේ ඩිජිටල් ආර්ථික මුලපිරීම් සාර්ථක කර ගැනීම සඳහා දැනුම හුවමාරු කර ගැනීම, උපදේශකත්වය (Mentorship), කුසලතා සංක්රමණය සහ ඒකාබද්ධ ව්යාපෘති හරහා උපරිම දායකත්වය ලබා දීමට එහි සිටින ශ්රී ලාංකික වෘත්තිකයින් කැමැත්තක් පළ කළහ.
මෙම නිල සංචාරය සඳහා නියෝජ්ය අමාත්ය එරංග වීරරත්න මහතා සමඟ සිංගප්පූරුවේ ශ්රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, GovTech Sri Lanka හි වැඩබලන ප්රධාන විධායක නිලධාරී සංජය කරුණාසේන, මහ කොමසාරිස් කාර්යාලයේ වාණිජ අමාත්ය උපදේශක භාග්යා අබේකෝන් සහ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක නුවන්දි ජයසූරිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
සමස්තයක් ලෙස ATxSG 2026 සමුළුව සඳහා ශ්රී ලංකාවේ සහභාගීත්වය, ජාත්යන්තර සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, AI සහ ඩිජිටල් නවෝත්පාදනයන් මෙරට ප්රවර්ධනය කිරීමටත්, කලාපීය ඩිජිටල් ආර්ථික කලාපය තුළ ශ්රී ලංකාවේ අනන්යතාවය ඉහළ නැංවීමටත් ලැබුණු සුවිශේෂී අවස්ථාවකි.