පකිස්ථානයේ ක්වෙටා (Quetta) හිදී හමුදා නිලධාරීන් රැගත් දුම්රියක් ඉලක්ක කර ගනිමින් දරුණු බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වෙයි.
ප්රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 50කට වැඩි පිරිසක් බරපතල තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.
විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි මෙම බෝම්බ පිපිරීමේ බලපෑම නිසා දුම්රිය මාර්ගයට යාබදව පිහිටි නිවාස සහ ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදු වී තිබේ.
පෙට්ටි 5කින් යුත් මෙම දුම්රියේ හමුදා සොල්දාදුවන් රැගෙන ගොස් ඇති බව වාර්තා වන අතර බලොචිස්තාන් විමුක්ති හමුදාව නමැති බෙදුම්වාදී කණ්ඩායමක් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන් වේ.
බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග පෙට්ටි 3ක් පිලී පැනීමට ලක්ව ඇති අතර, ඉන් පෙට්ටි 2ක් පෙරළී ඇති බව විදෙස් වාර්තාවන්හි දැක්වේ.
මේ වන විට ක්වෙටා නුවර රජයේ රෝහල්වල හදිසි තත්ත්වයක් ප්රකාශයට පත් කර ඇති අතර, නිවාඩු ලබා සිටි වෛද්යවරුන් ඇතුළු සියලුම වෛද්ය කාර්ය මණ්ඩලවලට වහාම සේවයට වාර්තා කරන ලෙස පකිස්ථාන රජය නියෝග කර තිබේ.