ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ආරක්‍ෂක අමාත්‍ය ජෙනරල් Phan Van Giang මැතිතුමා ප්‍රමුඛ දූත පිරිස අතර ඉහළ මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් පසුගියදා (මැයි 08) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම හමුවේදී දෙරට අතර පවතින දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම සහ ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමු විය.
මෙම සුහද සාකච්ඡාව අතරතුර, වියට්නාම රජය සහ මෙරට සංචාරයක නිරත දූත පිරිස ශ්‍රී ලංකාව වෙත දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ආරක්‍ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළේය.
දෙපාර්ශ්වයටම වැදගත් වන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ සමඟ සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ ඇති කැපවීම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ද සිය සුබ පැතුම් එක් කළ ඔහු, සුරක්‍ෂිත සහ සහයෝගී අනාගතයක් සඳහා වූ හවුල් දැක්ම පිළිබඳව යළි සහතික විය.
වියට්නාම දූත පිරිස සඳහා ලුතිනන් ජෙනරල් Tran Cong Chinh (GDDI හි අධ්‍යක්‍ෂ ජනරාල්), ලුතිතන් ජෙනරල් Vu Thanh Van (විදේශ සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්) සහ ජ්‍යෙෂ්ඨ කර්නල් Nguyen Ngoc Dai (ඉන්දියාවේ වියට්නාම ආරක්‍ෂක උපදේශක) ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ඇතුළත් වූහ. ආරක්‍ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, හමුදා සම්බන්ධතා නිලධාරී සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.