Thursday, May 07, 2026
Follow Us
රටවල් 108ක දැරියන් සහභාගි වන ඓතිහාසික "ShakthiSAT" මෙහෙයුමට ශ්‍රී ලංකාවත් එක්වෙයි
ඉන්දීය අභ්යවකාශ ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ආරම්භක ආයතනයක් වන 'Space Kidz India' හි නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී ආචාර්ය ශ්රීමතී කේසන් (Dr. Srimathy Kesan) මහත්මිය අද (07) ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා හමුවිය.
මෙම හමුවේ ප්රධාන අරමුණ වූයේ ශ්රී ලාංකික දරුවන්ට සෘජු ප්රතිලාභ අත්වන පරිදි, අභ්යවකාශ විද්යාව සහ STEM අධ්යාපනය හරහා ලොව පුරා තරුණ දැරියන් සවිබල ගැන්වීමේ ගෝලීය මුලපිරීමක් වන "Mission ShakthiSAT" ව්යාපෘතිය හඳුන්වා දීම සහ ඒ සඳහා සහයෝගීතාවය ගොඩනගා ගැනීමයි.
 
'Space Kidz India' ආයතනය මීට පෙර ලොව සැහැල්ලුම ත්රිමාණ මුද්රිත චන්ද්රිකාව වන "KALAMSAT" ඇතුළු චන්ද්රිකා සහ රොකට් රැසක් සාර්ථකව අභ්යවකාශගත කර ඇති අත්දැකීම් බහුල ආයතනයකි. අභ්යවකාශ මෙහෙයුම් 27ක් දියත් කළ ලොව එකම කාන්තා නිර්මාතෘවරිය වන ආචාර්ය ශ්රීමතී කේසන් මහත්මිය මෙම මෙහෙයුමට නායකත්වය ලබා දෙයි. රටවල් 108ක 12,000ක ආසන්න පිරිසක් සම්බන්ධ කර ගනිමින් ඉතිහාසයේ ප්රථම වරට සිදුකරන මෙම ක්රියාවලියට සහභාගිවන සියලුම සාමාජිකයින් දැරියන් වීම විශේෂත්වයයි. මෙම සුවිශේෂී මෙහෙයුම සඳහා ශ්රී ලංකාව ද ආඩම්බරයෙන් දායකත්වය ලබා දෙන අතර, එය ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මියගේ නායකත්වයෙන් යුත් 'Women in Management' ආයතනය සමඟ ඒකාබද්ධව ක්රියාත්මක වේ.
 
මෙම ඓතිහාසික මෙහෙයුමේ නිල තේමා ගීතය (Mission Anthem) අද සන්ධ්යාවේ කොළඹදී එළිදැක්වීමට නියමිතය.