Wednesday, May 06, 2026
Follow Us
 මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටත්ව යයි

ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය සාර්ථකව නිම කරමින්  මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා ඇතුළු දූත පිරිස අද (06) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.

මාලදිවයින් - ශ්‍රී ලංකා මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් සහ දෙරටේම ජනතාවට ප්‍රතිලාභ රැසක් උදා කර දෙමින් මාලදිවයින් ජනාධිපතිවරයා ඇතුළු දූත  පිරිස ශ්‍රී ලංකාවේ සාර්ථක සංචාරයක නිරත විය.

මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වන අතර, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් සහයෝගිතාවන් කිහිපයකට එළැඹෙමින් මෙම සංචාරයේ සාර්ථකත්වය සනිටුහන් කරනු ලැබීය.

මාලදිවයින් ජනාධිපතිවරයා, එම මැතිණිය ඇතුළු දූත පිරිසට සමු දීම වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා යන මහත්ම මහත්මීහු ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.